TaxilaCC
Friday, July 11, 2014
Thursday, July 10, 2014
Wednesday, July 9, 2014
Tuesday, July 8, 2014
Monday, July 7, 2014
1979
සිට තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කර
2014.07.10 විශ්‍රාම ලබන ආනන්ද අයිලප්පෙරුම
ගුරු පියාණනි ඔබට ගෞරව පිණිස, ඉටුකරන ලද
සේවයෙන් බිඳක් මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
- · කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය සමත්ව 1979 අග භාගයේදී ආචාර්ය මණ්ඩලයට එකතු වීම.
- · එදා සිට උද්භිද විද්‍යාව හා පසුව ජීව විද්‍යාව විෂයය පිළිබඳවද දක්ෂ ආචාර්යවරයෙකු වූ එතුමා සිසුන් තුල විෂය කෙරෙහි ලැදියාවක් ඇති කරමින් විද්‍යා අංශයේ අ.පො.ස. (උ. පෙ.) ප්‍රතිඵල සෑම වසරකම උසස් මට්ටමකට ගෙන ඒමට කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කිරීම .
- · විද්‍යා අංශයේ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ අවධියේදී නව නිර්මාණශීලී දේ එකතු කරමින් ප්‍රසංසනීය සේවයක් ඉටු කිරීම.
- · ජේෂ්ඨ විද්‍යා සංගමය මගින් වසරක් පාසා සංවිධානය කරනු ලබන “විද්‍යා දිනය” වඩා අර්ථවත් කරමින් හා සිසුන්ගේ දක්ෂතා එලි දැක්වෙන අවස්ථාවක් බවට පත් කිරීමට කටයුතු කිරීම.
- · සිසුන්ගේ නව නිර්මාණ හා සංකල්ප ඇතුලත් වූ, ජේෂ්ඨ විද්‍යා සංගමය මගින් වසරක් පාසා එලි දක්වනු ලබන “විදු ඇසින් ලොව දකිමු “ සඟරාව ඔබ තුමාගේ අදහසක් අනුව නිර්මාණය කිරීම.
- · විදුහලේ අරම්භ කර තිබු සෞඛ්‍යදාන ඒකකයේ ප්‍රධාන අනුශාසක ලෙස පත්වීමෙන් පසු එම ඒකකයේ කඳවුරු හා ශ්‍රමදාන වැනි දේ ඉතා සාර්ථකව පවත්වා දිවයිනේ පාසල් සෞඛ්‍යදාන ඒකක අතරින් වැඩිම පිරිසක් ලේ දන්දීම සිදු කල සෞඛ්‍යදාන ඒකකය ලෙස ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කටයුතු කිරීම.
- · වසර ගණනාවක් ජේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය භාරව කටයුතු කරමින් ශිෂ්‍ය නායක නායිකාවන්ට නිබඳවම උපදෙස් දෙමින් හා අනුශාසනා කරමින් පාසලේ සංවිධානාත්මක වැඩ පිළිවෙලවල් සකස් කර ගැනීමේදී විදුහල්පතිතුමන්ලාගේ පරිපාලන කටයුතු වලට සහයෝගය දැක්වීම.
- · තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට වසර පනහක් පිරීම නිමිත්තෙන් 1996 වර්ෂයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද “තක්ෂිලා 50 “ මහා ප්‍රදර්ශනය හා සංස්කෘතික සන්දර්ශනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කිරීම.
- · 1970 දශකයේ ලංකාවේ පිහිටවනු ලැබූ ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථාන කිහිපය අතරින් එකක් වූ තක්ෂිලා ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ ආරම්භක සාමාජිකයෙක් වූ අතර එමගින් කළුතර දිස්ත්‍රිරික්කයේ උසස් පෙළ විද්‍යා සිසුන් උදෙසා පවත්වන ලද නේවාසික ක්ෂේත්‍ර අධ්‍යයන කඳවුරුවලදී සිසුන්ට උපදෙස් දෙමින් හා සිසුන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීමට කටයුතු කිරීම.
- · ජීව විද්‍යා අංශයේ සිසුන් සඳහා ප්‍රයෝගික අධ්‍යයන කටයුතු වලදී අවශ්‍ය වන විවිධ වර්ගයේ ශාක ලබා ගැනීම සඳහා විදුහලේ උද්භිද විද්‍යා උද්‍යානය නවතාවයකින් යුත්තව සකස් කිරීමට කටයුතු කිරීම.
- · අ.පො.ස. (උ. පෙ.) විද්‍යා සිසුන් සඳහා දේශන ශාලාවක් පිළියෙළ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කිරීම.
- · අ.පො.ස. (උ. පෙ.) විද්‍යා සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම මෙන්ම පොත් පත් කියවීමේ රුචිය වැඩිදියුණු කරලීම සඳහා විද්‍යා පුස්තකාලයක් ආරම්භ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කිරීම.
- · විද්‍යා අංශයේ ආර්ථීක දුෂ්කරතා සහිත සිසුන් වෙනුවෙන් අධ්‍යයාපනය සංවර්ධනය සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලක් ආදී ශිෂ්‍ය හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව ආරම්භ කිරීම.
- · පාසලේ නොයෙක් කටයුතු වෙනුවෙන් ආදී ශිෂ්‍ය සංගමයේ දායකත්වය ලබාගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
- · වසරක් පාසා පවත්වනු ලබන ත්‍යාග ප්‍රධානෝත්සවය, ක්‍රීඩා උත්සවය මෙන්ම විදුහලේ වෙනත් ආගමික කටයුතු හා ශ්‍රමදාන වැනි දේ සංවිධානය කිරීමේදී මුලිකත්වය ගෙන කටයුතු කරන අතර දැනට නියෝජ්‍ය විදුහල්පති ධූරයද හොබවයි.
දායකත්වය නීතා ගුණසිංහ ගුරු මෑණියන් හා ආදී සිසුන්.
Subscribe to:
Posts (Atom)